Friday, February 14, 2014

කොල්ලන්ට ඉතාම වැදගත්, පෙම්වතිය වැඩිපුරම කැමති, එත් කිසිදා වචනයෙන් නොඉල්ලන දේවල් 45ක්.

කොල්ලන්ට ඉතාම වැදගත්, පෙම්වතිය වැඩිපුරම කැමති, එත් කිසිදා වචනයෙන් නොඉල්ලන දේවල් 45ක්.



මේක නං ඉතින් software එකක් නෙවේ. අපි කවදත් දුන්නේ software උනාට අද ඔයාලට දෙන්නේ අමුතුම පොස්ට් එකක්. අද කාලේ 90% කොල්ලන්ට කෙල්ලෙක් ඉන්නවා.
මේකේ තියෙන්නේ කෙල්ලෝ වැඩිපුරම කැමති, එත් කවදාවත් වචනයෙන් ඉල්ලන් නැති දේවල් ගොඩක්.
කියවලම බලන්නකෝ එහෙනං.

1. හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න.
2. ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න.
3. ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න.
4. ඇයට සීතල දැනුණ විටදී ඇයව උණුසුම් කරන්න.
5. ඇයව සිපගන්නා විට කලබල නැතුව සෙමින් ඇයව සිපගන්න.

මේ දේවල් අමතක කරන්නත් එපා . . .
6. ඇයව වැළඳගන්න.
7. ඇයගේ අතින් අල්ලගෙන සිටින්න. තප්පරයකට දෙකකට වුනත් ඔබ ඇයගේ අතින් අල්ලගේන සිටීම ඇයට සතුටක්.
8. ඇයත් සමඟ සිනහවෙන් කාලය ගෙවන්න.
9. ඇයත් එක්ක ගමන් යන්න ඇයට කතාකරන්න. ඔබත් එක්ක ඇවිදින්නට ඇය හුඟාක් කැමති වේවි.
10. ඔබගේ මිතුරන් ඉදිරියේදී ඇයත් සමඟ එකට සිටින්න. ඇය ඔබේ පෙම්වතිය බව මිතුරන්ට හඳුන්වාදෙන්න.

නිදහස් තැන්වලදී . . .

11. ඇයත් සමඟ සුහදව සිනාසෙන්න.
12. ඇයත් සමඟ එකට සිට ඡායාරූප ගන්න.
13. ඇයව ඔබගේ උකුල මත හිඳුවාගන්න. ඇයට යන්න නොදී තදින් ඇයව අල්ලාගෙන ඉන්න.
14. ඇය කිව්වොත් ඔබ ඇයට ආදරේ කරනවාට වඩා ඇය ඔබට ආදරෙයි කියා ඒකට විරුද්ධ වෙන්න ඇයත් සමඟ තර්ක කරන්න. ඇයට දිනන්න දෙන්න එපා. ඔබ දිනනවාටයි ඇයත් කැමති.
15. ඇගේ යාලුවෝ කිව්වොත් ඔයාට වඩා එයාලා ඔයාගේ පෙම්වතියට ආදරෙයි කියලා එය ප්‍රතික්ශේප කරන්න. ඔවුන්ට විරුද්ධ වෙන ගමන් ඔබේ පෙම්වතියව තදින් අල්ලගෙන සිටින්න, ඇයට යාලුවන් දෙසට යන්න දෙන්න එපා. ඔයාට මේක කියවද්දි කාවහරි මතක් වෙනවද ?
16. ඔබ ඇයව හමුවූ විට ඇයව වැළඳගෙන ඇයට ආදරෙයි කියා පවසන්න.
17. ඇය බලාපොරොත්තු නොවන අවස්ථාවලදී ඇයව සිපගන්න.
18. ඇයට හොරෙන් පසුපසින් ඇවිත් ඇයව බදාගන්න.
19. ඇය ලස්සන බව ඇයට පවසන්න.
 20. ඇය ගැන ඔබට හිතෙන දේවල් ඔක්කොම ඇයට පවසන්න. ඔබ ඇය ගැන සැලකිලිමත් වෙන ඇයුරු   ඇයට පෙන්වන්න
21. ඇයත් සමඟ යනවිට ඇය වෙනුවෙන් දොරවල් විවෘත කරදෙන්න. ඇය වාහනය නගින තෙක් ඇය සමඟින් ඉන්න. ඇයව මහමග තනිකර දමායන්න එපා. සැමවිටම මහත්මා ගති ඇතිව කටයුතු කරන්න.
22. ඔබේ වටිනාම වස්තුව ඇය බව ඇයට පවසන්න. මෙය කියනවිට අවංකවම කියන්න. බොරුවට කියන්න එපා.
23. ඇය නොසතුටෙන් සිටිනවායැයි ඔබට හැඟුනොත් ඇගෙන් ඒ ගැන විමසන්න. ඇය එහෙම දෙයක් නැහැ කිව්වොත් ඇයට ඒ ගැන කතාකරලා හිත නරක් කරගන්න අනවශ්‍යයි, ඒ නිසා එහෙම කිව්වොත් ඇයව ඔබට තුරුල් කරගෙන මොහොතක් නිහඬව ඉන්න.
24. ඇයට ඔබගේ ආදරය නිරතුරුව දැනෙන්නට ඉඩහරින්න
25. ඔබ හඳුනන අනික් ගැහැණු ළමුන් ඉදිපිට ඇයව සිපගන්න. ඔබ ඇයගේම පමණක් බව ඇයට සිතේවි. ගැහැණු ළමයි සමහරවිට මේවා ඇත්ත නෙවේ යැයි කියාවි, නමුත් ඇත්තටම එයාලා මේ දේවල්වලට කැමති බව ඔවුන් දන්නවා
26. ඇයට කවදාවත් බොරුවක් කියන්න එපා.
27. ඇයට කිසිදිනක වංචා කරන්නත් එපා.
28. ඇය යන්න කැමති ස්ථාන වලට ඇයව රැගෙන යන්න.
29. හැමදාම උදේට ඇයට සුබ දවසක් ප්‍රාර්ථනා කරලා කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් දෙන්න. ඒ සමඟම ඔබට ඇය කෙතරම් මතක් වෙනවාද කියලත් ඇයට කියන්න.
30. ඇයට ඔබව අවශ්‍ය වෙන අවස්ථාවන්වලදී ඇය සමඟ සිටින්න, ඇයට ඔබගේ උදව් අවශ්‍ය නොවෙන විටකදීත් වුවමනා වුනොත් ඔබ එතන සිටින බවට තහවුරු කරන්න. එය ඇයට ශක්තියක් වේවි. ඉතිරියත් කියවන්න, ඔබට මේ කරුණු වැදගත් වේවි
31. ඇයට සීතල වූවුට ඇය අසලින් සිටින්න, ඇයට ඔබට තුරුල්වී සිටීමට ඉඩදෙන්න.
32. ඔබ ඇයත් සමඟ තනිවුණු මොහොතක ඇයව වැළඳගෙන සිපගන්න.
33. ඇයගේ දෙකොපුල් මුලින්ම සිප ගන්න.
34. ඇයගේ බඳවටා අත යවා ඇය ඔබට ළං කරගන්න. ඇය ඔබගේ උරහිස මත හිස තබා ගනීවි, ඒ ඇය කැමතිම දෙයක්, ඇයට ඒ සතුට විඳින්න ඉඩ දෙන්න.
35. විහිළුවටවත් ඔබ ඇයව ඇත්හැර යන බව කියන්න එපා, ඒක ඇයව ගොඩාක් දුකට පත්කරාවි ඊළඟ වතාවේදී ඔබ ඇයත් සමඟ සිටින විට මේ දේවල් මතක් කරගන්න
36. අන් අය ඇයට කරදරයක් කරන විට වහාම ඊට විරුද්ධව නැගී සිටින්න.

37. ඇයගේ ඇස් දිහා බලාගෙන ඇයට ආදරෙයි කියන්න.
38. තරු පෑයූ රාත්‍රියක ඇයත් සමඟ සිටින විට ඇ‍යට ඔබගේ පපුව මත හිස තබාගන්න දෙන්න, ඇයට ඔබගේ හදවත ගැහෙන රාවය අසන්නට ඉඩදෙන්න, ඔබගේ අතැඟිලි පටලවාගෙන ඇගේ කනට රහස් මුමුණන්න.
39. ඇයත් සමඟ ගමන් කරන විට ඇගේ අතින් අල්ලාගෙන යන්න.
40. ඇයව වැළඳගත් විට හැකිතරම් වේලා ඇයව ඔබට තුරුළු කරගෙන ඉන්න. ඇයට ඔබගේ ආදරය හොඳින් දැනෙන බවට සහතික වන්න.
41. ඇය නිදාගැනීමට කලින් ඇයට සුබ රාත්‍රියක් හා සුබ සිහින පතන්න.
42. ඇය හඬන විට ඇයව සනසන්න , ඇගේ කඳුලු පිසදමන්න.
43. ඇයත් සමඟ රාත්‍රියේ ඇවිදින්න යන්න.
44. නිතරම ඇයට ඔබ කොතරම් ආදරේද යන්න මතක් කරන්න.
45. ඇයත් සමඟ සිටින විට ඇයට ඔබේ ආදරය පවසා ඇය කිසිවක් කීමට කලින් ඇයව සිපගන්න....

Sunday, February 2, 2014

පිටරට කොම්පියුටර් එකකින් internet යනවා වගේ ගෙදර ඉදන්ම යන්න


පිටරට කොම්පියුටර් එකකින් internet යනවා වගේ ගෙදර ඉදන්ම යන්න


 මුලින්ම ඔයාගේ ip address එක බලාගන්න මෙතන ඔබන්න
මම geek අඩවියේ වැඩියෙන්ම දැක්ක ප්‍රශ්න අතරින්,එකක් තමයි කොහොමද අපේ ip address එක change කරගන්නේ කියලා.
ඒ වැඩ වලට නම් ගොඩක් software තියෙනවා.
තව සමහර යාලුවො ගොඩක් වෙලාවට කරන්නේ proxy site (ex :hidemyass ) භාවිතා කරනවා.
මොන වගේ වැඩ වලටද සමාන්‍යයෙන් අපි අපේ ip address එක change කරගන්නෙ.

ගොඩක් වෙලාවට block කරපු අඩවි වලට යන්න.( මම මෙ ගැන කියන්න ඔනෙ නැ නේ.. :P) ‍‍‍xxx අඩවි වලට මම නම් යන්නෙම නැ..
තව fiverr වගේ අඩවි වල A/C හදන්න.
තව ඔය හැකින්ග් වැඩ වලටත් ඔනි වෙනවා.
ඔය වගෙ වැඩ ගොඩක් කර ගන්න පුලුවන්....

මම දැන් කියා දෙන්න යන්නේ.ලෙසියෙන්ම අපේ pc එකේම පොඩි වැඩ කැල්ලක් දාලා uk විදිහට ඉන්ට්‍ර්නෙට් use කරන්න කොහොමද කියලා කියා දෙන්නයි.

පියවර 1
මුලින්ම ඔයා යන්න control panel එකට.
image
This image has been resized to fit in the page. Click to enlarge.


පියවර 2

දැන් ඔයා යන්න Network connection එක ඇතුලට.
image
This image has been resized to fit in the page. Click to enlarge.


පියවර 3

එතැනින් creat a new connection තොරා ගෙන අතුලට යන්න.
image

පියවර 4

ඊට පස්සේ මෙන්න මෙ වගෙ එකක් එවි.
image

පියවර 5

එතැනින් next කරලා.. connect to the network at my workplace තොරගෙන next කරන්න.
image

පියවර 6

දැන් මෙතනින් virtual private network connection තොරලා next කරන්න.
image

පියවර 7

දැන් මෙතනින් ඔයාට කැමති නමක් දාගෙන next කරන්න.
image

පියවර 8

දැන් ඔය විදිහට දිලා next කරන්න.
image

පියවර 9

දැන් ඔය තියෙන විදිහට type කරලා next කරන්න.
image

ukvpn.newfreevpn.com

පියවර 10

දැන් ඔතනට ටික් එක දාලා finish කරන්න....
image

දැන් desktop එකේ create වෙලා තියෙන shortcut එක double click කරන්න.

පියවර 11

දැන් ඔයාට මෙන්න මේ වගේ එකක් එවි.
image


පියවර 12
ඔන්න ඔය user name password දිලා connect කරන්න. ( ඔයා මෙක connect කරන්න කලින්,ඔයා net connect වෙලා ඉන්න.)
PPTP Username: free
PPTP Password: 1234

තව free vpn එකක්... මෙකෙ තියෙන පඅස්ව්‍ර්ඩ් ඔතනට දාන්න එපා.
image

පියවර 13

දැන් ඔන්න ඔයා uk විදිහට net සැරි සරන්න පුලුවන්...


මෙන්න බලන්න මම ලොග් උනාම මගේ ip change උන හැටි බලන්න..
image
This image has been resized to fit in the page. Click to enlarge.

දැන් ඔයාගේ ip address බලන්න මෙතන ඔබන්න

තව ඔය වගෙ free vpn නෙට් එකේ ඔන තරම තියෙනවා.

office එකේ pc එක xp නිසා , මම මෙ ටියුට් එක කරේ xp use කරන අයට.win 7 වලිනුත් කරන්නේ මේ වගේම තමයි කරන්න තියෙන්නේ..
ඔයාලට මෙ ගැන තෙරුනේ නැත්නම් පහලින් අහන්න...

මගේ සිංහල එහෙම ටිකක් අවුල් ඇති මචන්ලා..ගනන් ගන්න එපා .ok

වැඩේ හොදයි නම් කමෙන්ට් කරලාම යන්න අමතක කරන්න එපා...
(උපුටා ගැනීම ගීක් වෙබ් අඩවියෙන්)

ඔබ ඉන්නෙ කොහෙද

මෙතන ඔබන්න

ඩොමන් (domain) එකක් හරියට ගන්නේ කොහොමද

ඩොමන් (domain) එකක් හරියට ගන්නේ කොහොමද

වෙබ් සයිට්/බ්ලොග් කරන්න,කරන්න හිතන් ඉන්න,ඉගන ගන්න අස අයට වැදගත් ලිපියක්.මෙක කොහෙන්වත් කට් ඇන්ඩ් පේස්ට් නෙමේ මගෙ අත්දැකීම් අනුව කියන්නේ.
මන් ලිපියක් ලියද්දි මුලක් ඉදන් හැමදේම ආවරනය කරන්න උත්සහ කරනවා.
මුලින්ම මොකක්ද මේ ඩොමේන්(domain) කියන්නේ?
ඔබව කාටහරි සම්බන්ද කරගන්න අවශ්‍ය නම් මොකද කරන්නේ?ඔබට දුරකථන ඇමතුමක් දෙනවා නෙද?එතකොට ඔබට අමතන්න ඔබටම කියලා වෙන් කරපු අන්කයක් තියෙනවා.ඒ වගේ තමයි,ඔනම වෙබ් අඩ්වියකට(වෙබ් අඩවි වලට පමනක් සීමා නොවේ) ලිපිනයක් අවශ්ය වෙනවා,මොකද වෙබ් අඩ්විය ගබඩා කරලා තියෙන්නෙ වෙබ් සර්වර් එකක,එකට අපි බ්‍රව්සරයෙන් අමතනවා වගේ වැඩක් වගේ ටමයි මෙතනදි වෙන්නේ.සැම වෙබ් සර්වර් එකක්ටම එකටම ආවේනික IP ලිපිනයක් තිබෙනවා.එකෙ හරියට අපේ දුරකථන අන්කය වගේ.එක දන්නවා නම් අපිට අදාල වෙබ් අඩවියට ලගාවෙන්න පුලුවන්.
එතකොට මේ IP ලිපිනයයි ඩොමේන් එකයි අතර සම්බන්දෙ?
IP ලිපිනය හරියට මේ වගේ එකක්.උදාහරනයක් විදියට ගත්තොත් අපේ මේ www.myshouter.com සයිට් එකට අදාල ලිපිනය වෙන්නේ 174.36.82.199. එතකොට මේ කෙහෙම්මල් අන්ක ටිකද මතක තියා ගන්න ලෙසි නැත්තම් www.myshouter.com කියන එකද?
මෙන්න මෙතනදි තමයි ඩොමේන් නේම් කියන සන්කල්පය,තාක්ශනික ප්‍රමිතිය වැදගත් වෙන්නේ.ඩොමේන් නේම් එක හරියට කිව්වොත් myshouter කියන්නේ නේම් එක .com කියන්නේ ඩොමේන් එක.
ඩොමේන් නේම් වලට අදාල සර්ව බලදාරි දෙවියන් වහන්සේ වෙන්න ICANN කියන ලාබ නොලබන පෞද්ගලක සමාගම. ICANN කියන එකේ තෙරුම Internet Corporation for Assigned Names and Numbers.මොවුන් තමයි ඩොමේන් නාම වලට අදාල ප්‍රමිති සහ නීති සකසන්නේ මුලු ලොකයටම අදාල වෙන්න(ලේසි නැ )මේ පිලිබදව සම්පූර්න ලිපියකින් ලියන්න මම බලාපොරොත්තු වෙනවා පස්සට(ලොල් )
.com , .net , .org , .biz , .mobi , .co කියලා ඩොමේන් වර්ග කීපයක් තිබෙනවා,මේ ලගදි .XXX කියලා එකකුත් දැම්ම වැඩිහියන්ට පමනක් අයිති වෙබ් අඩවි වලට විශේශයෙන්(හොයගන්න ලේසි වෙන්න අපේ අයියලට )
මීට අමතරව එක් එක් රටට වෙන් උනු ඩොමේන් තිබෙනවා.උදාහරනයක් විදියට .lk කියන්නේ අපේ රටට අදාල ඩොමේන් එක,
දැන් එතකොට ඔය ඩොමේන් එකක් ගන්නේ කොහොමද
ඔයාට ICANN එකෙන් නම් ඩොමේන් ගන්න බැහැ.නමුත් එකට බලයලත් නියොජිතයන් ඉන්නවා.මන් ඩොමේන් ගත්තේ GoDaddy.com සහ Domain.com කියන සමගම් දෙකෙන් .GoDaddy.com කියන්නේ ඩොමේන් ගන්න ලොකේ ජනප්‍රිය වෙබ් අඩවියක්.දැනට මන් ගන්නේ Domain.com කියන එකෙන් godaddy තරම් නොවුනත් එයාලත් හොද සේවයක් දෙනවා.
මේ දෙක විතරක් නෙමේ තව බොහො වෙලද නියොජිතයන් ඉන්නවා.නමුත් මන් අරන් තියෙන්නේ මේ අයගෙන් විතරයි.
ඉට අමතරව තව ඔයාල වෙබ් හොස්ටින්ග් ගන්නකොටම ඩොමේන් ගන්න පුලුවන් ඒ අයගෙන්ම ,නමුත් මන් නම් එක අනුමත කරන්නේ නැ.හැම වෙලාවෙම හොස්ටින්ග් ගන්න තැනින් ඩොමේන් ගන්නේ නැතිව ඉන්න එක ඇගට හොදයි.මේ ෆීල්ඩ් එකේ ඉන්න අය නම් එකට හෙතුව දන්නවා. ලොල්
ඉට අමතරව ලන්කාවේ වෙලද නියොජිතයන්ගෙන් ගන්නත් එපා.මොකද ඩොමේන් නේම් එක කියන්න විසීඑක් වන සියවසේ පිලිගත් ඔබේ වත්කමක්,එය ඔබේ නමටම තිබිය යුතුයි.මොකද නමක් කියන්නේ වටින දෙයක්.නියොජිතයන්ගෙන් ගත්තොත් එක ලියපදින්චි වෙන්නෙ එයාලගේ නමට,නඩු කියලවත් ඔයාට එක ගන්න බැ.හිතන්න ඔබ ඒ විදියට අරගෙන එයාලගෙන් සේවය හරියට නැ කියලා.එතකොට ඔයාට ඒ සේවය අතහැරලා යන්න බැ වෙනතනකට.මොකද ඔයාගේ වෙබ් සයිට් එකේ වටිනාම දේ ඔයට අයිති නැ.
තව ඔබ ඔබේ නමට ඩොමේන් නේම් එකක් ගත්තම එක නීතිමය ගැටලුවක් නැත්තම් ,බැරැක් ඔබාමටවත් ඔබෙන් එක බලෙන් ගන්න බැ.හරියට ඔබේ නමට තියෙන ඉඩම් ඔප්පුවක් වගේ.වෙබ් අඩවියක් කරන අය ඩොමේන් එකක තියෙන අතිශය වටිනාකම හොදට තෙරුම් ගන්න ඔන.
ඩොමේන් එකක් ගන්න පුලුවන් අඩුම කාලය අවුරුද්දයි.ඔබ අවුරුද්දකින් නැවත එයට අලුතින් මුදල් ගෙවලා අලුත් කලේ නැත්තම් එය නැවත වෙන අයෙකුට මිලදි ගන්න පුලුවන්.නමුත් ඔබට එක වර මුදල් ගෙවලා අවුරුදු කීපයකට ගන්න පුලුවන් .එකෙන් අනවශ්‍ය කරදර නැති වෙනවා ,මුදලුත් ටිකක් ඉතුරුවෙනවා.
මේ සම්බන්දව මට මරු කතාවක් මතක් වෙනවා.කට්ටය දන්නවා ඇතිනේ ආර්පිකො එක?ඔව් ඔව් අර රබර් කොම්පනිය.එකේ මනජ්මන්ට් එක වෙනස් වුන කාලෙක එයාලගේ ඩොමේන් එක එක එක්ස්පයර් උනා.මෙක පොරක් පටස් ගලා අරන් දාගත්තා.අන්තිමෙදි ඩොමේන් නෙම් එක ආර්පිකො එකට ගන්න උනේ රුපියල් මිලියන 2 කට ආසන්න මුදලක් ගෙවලා.රුපියල් 5600ක් වෙන ඩොමේන් එක කොහොමද ගිය හැටි.එකෙන්ම තෙරුම් ගන්න ඩොමේන් එකක තියෙන වටිනාකම.
ඩොමේන් එකක් ගන්න ක්‍රෙඩිට් කාර්ඩ් එකක් අවශ්‍යම නැ.මන් දැන් නම් මගේ වැඩ වලට ක්‍රෙඩිට් කාර්ඩ් එකක්(අපෝ එක නම් ඉඩම් නඩුවක් බොල ) පාවිච්චි කලාට මන් මුල් දවස් වල ඩොමේන් ගත්තේ ඩෙබිට් කාර්ඩ් වලින්.
ඩෙබිට් කාර්ඩ් එකක් ඔන කෙනෙකුට ගන්න පුලුවන්.හැබයි ඩේබිට් කාර්ඩ් එකෙන් හැම ඩොමේන් සෙල්ලර්ගෙන්ම ගන්න බැ.හැබැයි මන් කලින් සදහන් කරපු දෙන්නගෙන් ගන්න පුලුවන් කිසි අවුලක් නැතිව.මන් මුලින්ම පාවිච්චි කලේ HNB බැන්ක් එකේ කාර්ඩ් එකක්.මන් එකෙන් ගත්තේ Godaddy.com එකෙන්.එයාලගේ හැම පේමන්ට් එකකටම කලින් කාර්ඩ් එක ඇcටිවෙ කරන්න ඔනා.මල වදේ.ඉට පස්සේ මන් ගියා සෙලාන් බැන්කුවට(සුහද හදක් තියෙනවනේ ලොල්).ඒ බැන්ක් කාර්ඩ් එක මරු.නමුත් Godaddy.com එකෙන් ගන්න බැ.නමුත් doamin.com එකෙන් ගන්න පුලුවන්.
හප්පා ලොකු ලිපියක් උනානේ ! කමක් නැ දිගටම කියවගෙන යන්න.
ඩොමේන් එක ගන්න කලින් තිරනය කරන්න තමන් ගන්න ඩොමෙන් එක (.com,.org,.net.co)සහ නම.ඉට පස්සෙ බලන්න එක ගන්න ප්ලුවන් තත්වෙ තියෙනවද කියලා.වෙන කෙනෙක් අරන් නම් sorry.com .වෙන් නමක් බලන්න.
ඉට පස්සේ ඩොමේන් එක තියෙනව නම් එක ගන්න ,මුලින්ම ගන්න යන අවුරුදු ගනන තොරන්න ,ඉට පස්සේ සෙලර් අනම් මන්ම් තව සෙර්විස් ගොඩක් අපේ ඇගේ ගහන්න හදයි.එව අයින් කරලා පේමන්ට් පේජ් එකට යන්න.ඔය කොයි සෙලර්ගෙත් එක්ම ෆොමැට් එකක් ත්මයි තියෙන්නේ.එතන ගොඩක් වෙල්ලාවට කූපන් කොඩ් කියල එකක් ඇති.එකෙන් ටිකක් අපිට් ගාන අඩු කරන්න පුලුවන්.ඔයා ගෙන් ගන්නවා නම් නෙට් එකේ සර්ච් කරල බලන්න කියලා,ඉට පස්සේ කූපන් කොඩ් ඩෙක තුනක් හොයාගෙන දාලා බලන්න .වැරදි කොඩ් දැම්මට අවුලක් නැ.එකක් සෙට් වෙනකන් හොයන් දන්න.
කුපන් කොඩ් එකයි ඇක්ටිව් කරන්න පුලුවන්.ගොඩක් වෙලාවට 10% -20% මුදලක් අඩු කරගන්න පුලුවන්,ලොකු ගානක බිලක් නම් සමහරවිට 45% විතර පුලුවන් වෙන වෙලාවල් තියෙනවා.මෙක හොර වැඩක් නෙමේ.මේක් සෙලර්ගේ ප්‍රොමොශන් එකක් අපි එක පාවිච්චි කරනවා විතරයි
එතකොට .lk ගන්නේ කොහොමද?
ආ එක වෙනම ස්ටොරියක්.නිකුත් කරන්නේ www.nic.lk එකෙන්.මෙක කරන්නේ මොරටුව කැම්පස් එකෙන්.මුලින්ම සයිට් එකට ගිහින් බලන්න තමන්ගෙ ඩොමේන් නේම් එක ගහල තියෙන්වද කියලා,ගන්න පුලුවන්නම් කියවි,නත්තම් දැනට අරන් තියෙන්න කවුද කල් ඉකුත් වෙන්නේ කවද්ද කියල කියවි,එකේ තියෙනවා මේ වගෙ දෙකක්, Category 1 (CAT1) – Including available second level domains සහ Category 2 (CAT2) – Top Level domain only කියලා.second level domains කියන්නේ මේ .com.lk,sch.lk,org.lk වගේ අනු ඩොමේන් වලට.අපිට එවා වෙන වෙන්ම උනත් ගන්න පුලුවන්, CAT 1 ගත්තම කටවත් එකට අදාල් අනු ඩොමේන් ගන්න බැ.(CAT1) එක රු.5600ක් වෙනවා (CAT2) එක රු.3400ක් විතර වෙනවා.
මුලින්ම සයිට් එකේ තියෙන ෆොර්ම් එක පුරවන්න ඩොමේන් එක ගන්න,එකට තම්න්ගෙ ඇත්ත තොරතුරු දෙන්න,මොකද මෙක ලන්කාවේ රජයට සම්බන්ද ආයතනයක් නිසා.ඉට් පස්සේ ඔයා ලබා දුන්නු ඊ මේල් ලිපිනයට ලිපියක් එවි,ඔබේ නමට අවසර ලැබුනා මුදල් ගෙවන්න කියලා,එතකොට ඔයාට පුලුවන් සයිට් එකට් ගිහින් කර්ඩ් එකෙන් ඔන් ලයින් ගෙවන්න ,නත්තම් බැන්කුව හරහා ගෙවන්න පුලුවන්.
එතකොට ඔය නොමිලේ දෙන ඩොමේන් මොනවද?
ඔන්න තවත් ලොකූ බොරුවක්.නොමිලේ දෙනවා කියලා දෙනවා co.cc, co.nr වගෙ ඩොමේන්.ඇත්තටම එවා ඔරිගිනල් ඩොමේන් නෙමේ.උදාහරනයක් විදියට cc කියන්නේ ඔරිජිනල් ඩොමේන් එක. co.cc කියලා දෙන්නේ සබ් ඩොමේන් එක.හොදම් දේ කියන්නේ මුන් මුලින් නිකන් දෙනවා,මටත් ඔක උනා,මන් මුල්ම (බට්ටා කලේ) මුන්ගෙ ඩොමේන් එකක් අරන් සයිට් එකක් කරා.සයිට් එක නැගලා ගියා.මෙන්න බොලේ එක දවසක් සයිට් එක වැඩ නැ.මන් ගිහින් බලුව උන්ගෙ සයිට් එකට.උන් කියනවා දැන් මෙක සල්ලි දිලා ගන්නනලු.(මුගෙ අම්මට ) එකත් ටොප් ලෙවල් ඩොමේන් එකකටත් වඩා ගානක්.
නිකන් ඉගන ගන්න සයිට් එකක් අත්දැකීම ගන්න මෙවා හොදයි.නමුත් ඔයාට හොද පවතින සයිට් එකක් කරන්න ඔනේ නම් ඔවට අහු වෙන්න එපා,තව කියලා එකකුත් තියෙනවා,.TK ඔකත් ඔය වගෙම තමයි,
කිරි අප්පට ඩෝග්ස් පැනපි….මාර දිග ලිපියක් උනානේ.මහන්සියෙන් ලියපෞ නිසා ඔයාලගේ අදහස් අගය කරනවා.තව ලිපියකින් තව දුරටත් ඩොමේන් ඉලගට හොස්ටින්ග් ගැන මගේ අත්දැකීම් කියන්නම්.
මන් ගියා….
රශොද්…

උපුටා ගැනිම http://www.myshouter.com

IP , DNS , VPS යනු කුමක්ද ?? හා මේවා එකිනෙකින් වෙනස් වෙන්නෙ කොහමද ??

IP , DNS , VPS යනු කුමක්ද ?? හා මේවා එකිනෙකින් වෙනස් වෙන්නෙ කොහමද ??


  • මම IP , DNS , VPS කියන ඒවා එකිනෙකින් වෙනස් වෙන්නේ කොහමද කියල Google එකේ හා Geek එකේත් බැලුවා.
    ඒත් , මට ඕන කරන විස්තර හා මට තේරේන පැහැදිලි කිරිමක් තිබුනේ නැ.

    ඒ නිසා , මෙන්න මේවා ගැන කියන්න පුලුවන් නම් ලොකු දෙයක්.

    1. ) IP , DNS , VPS යනු කුමක්ද ??
    2. ) IP , DNS , VPS එකිනෙකින් වෙනස් වෙන්නේ කොහමද ??
    හා තවත් මේවා ගැන දැන ගත යුතු දෙවල් කියන්න.
  • DNS යනු කුමක්ද ?




    image

    DNS එහම නැත්තම් Domain Name System කියෙන්නේ අයිපි ලිපිනයක් සම්පූර්න ඩොමේන් නාමයක් බවට පරිවර්තනය කරන දත්ත ගබඩා පද්දතියක්.

    ජාලයක එකිනෙක සම්බන්ද වෙලා තියේන උප්කරන එකි නෙකා හදුනා ගන්නේ එහේම නැත්තම් අමතන්නේ එවාට වෙන් වෙච්ච අයිපි ලිපිනයන් මගින්.

    නමුත් අයිපි ලිපිනයක් ටිකක් විතර මතක තියාගන්න අපහසු දෙයක්.උදාහරනයක් විදියට www.amazone.com ගත්තොත් එකේ අයිපි ලිපිනය වෙන්නේ (207.171.166.48)එක.ඉතින් අයිපි ලිපිනය ටිකක් මතක තියා ගන්න අපහසුයි ඩොමේන් එකට වඩා.DNS මගින් මේ අන්කිත අයිපි ලිපිනය මතක තියාගන්න පුලුවන් ඩොමේන් එකක් බවට අපිට පරිවර්තනය කරලා දෙනවා.

    ඔනම පරිගනක ජාලයක් බාවිතා කරන සමාගමක මේ DNS ඉල්ලිම් වලට ප්‍රතිචාර දක්වන්න අඩුම ගනනේ එක නේම් සර්වෙර් පරිගනකයක් තියේනවා.මේ නේම් සර්වර් පරිගනකයේ තියෙනේව මේම් ලොකල් පරිගනක ජාලයේ උපාන්ග වල අයිපි ලිපින ලයිස්තුවක් තියේනවා.ඉට අමතරව මේ ලොකල් පරිගනක ජාලයේන් පිටත පරිගනක වල උදාහරනෙකට වෙබ් සර්වෙර් වලින් නිතර පිවිසෙන පරිගනක වල අයිපි ලිපින්යන් තමන්ගේ කෑශ් මතකයේ තියාගෙන ඉන්නවා.

    ඔනම පරිගනක ජාලයක් ඔනම පරිගනකයකට තවත් ජාලයකට් හෝ පරිගනකයකට සම්බන්ද වෙන්න අවශ්ය වෙන්නේ එක නේම්සර්වෙර් එකකට කනෙක්ට් වෙන්න පමනයි.මේ එක පරිගනකයක් තවත් පරිගනකයකට සම්බන්ද වෙන්න ඔන උනාම ඒ ඉල්ලන අයිපි ලිපිනය අනුව ඒ ක්‍රියාවලිය 3න් විදියකට වෙන්න පුලුවන්..

    1.ඔබ ඉල්ලන අයිපි ලිපිනය තියේන්නේ ඔබේ සමගමේ ජාලයේම නම් ඔබට කෙලින්ම ඔබේ සමාගමේ ලොකල් නේම්සර්වර් එකෙන්ම අවශ්ය තැනට ඔබව යොමු කරවනවා.මේ ක්‍රියාවට ඉතාමත් අඩු කාලයක් තමයි යන්නේ.

    2.ඉලගට ඔබ ඉල්ලන අයිපි ලිපිනය ඔබේ ලොකල් නෙට්වර්ක් එකේ නෙමේ නම් (වෙබ් ලිපිනයක් වගේ) ,ඒත් මැත කාලයේ ඔබේ ජාලයෙන් කවුරු හරි අදාල අයිපි ලිපින්යට මේ නේම්සර්වර් එක හරහා ගිහින් තිබුනා නම් ඒ අයිපි ලිපිනය නේම්සර්වර් එකේ කෑශ් මතකයේ එක තියේන නිසා එතනින් අරන් ඔබට ඉක්මනඉන් අවශ්ය තැනට ඔබව යොමු කරනවා.මේ ක්‍රියාවලියටහ් ඉතාමත් අඩු කාලයක් තමයි යන්නේ.

    3.අවසානේට ඔබ ඉල්ලන අයිපි ලිපිනය ඔබේ ලොකල් නෙට්වර්ක් එකත් නොවි,එකට මැත කාලයේ කවුරුවත් ගිහිල්ලත් නැතිව මේ නේම්සර්වර් එකෙන් (මෙ මැත කාලය කියන සන්කල්පය නේම්සර්වර් එකේ ශක්යතාවය අනුව රදාපවතිනවා ) එතකොට මේ ලොකල් නේම් සර්වර් එක තවත් නේම්සර්වර් එකකට හෝ කිහිපයකට සම්බන්ද වෙලා ඔබට අවශ්ය තැනට ඔබව යොමු කරන්වා.මෙතනදි ඔබේගේ සම්බන්දතාවය අනුව ගතවන කාලය වැඩි වෙනවා.

    මේ DNS එක හරියට පරිගනකයක දුරකතන නාමාවලියක් වගේ එකකි.
    ඔන්න ඔහොමයි එකේත් පැටිකිරිය.
  • IP යනු කුමක්ද ?



    image
    This image has been resized to fit in the page. Click to enlarge.


    IP කියන්නේ internet Protocol කියන එකයි. මේක හරියට ඔයාගේ ගෙදරට address එකක් තියෙනව වගේ ඉන්ටෙර්නෙට් use කරනකොට ඔයාගේ adress එක වෙන්නේ. මේක හැමෝටම පේන දෙයක්. හැමෝටම කිව්වේ ඔයා අන්තර්ජාලයෙන් කොතැනට හරි සම්බන්ධ වෙනවම් ඒ කෙනාට බලන්න පුළුවන් ඔය IP එක.
    එහෙනම් ඒ කෙනාට පුළුවන්ද ඔයාගේ computer එකට සම්බන්ධ වෙන්න. පුළුවන් හොද දැනුමක් තියෙන කෙනෙක්ට ඒ ගැන. ඒක වලක්වන්න තමයි අපි router , firewall , AntiVirus භාවිතා කරන්නේ.
    ඔයා ඉන්න තැන දැන ගන්නත් පුළුවන්ද. ඔව්, එත් හරියටම ඉන්න තැන නෙමෙයි. සමහරවිට ඉන්න නගරය. එහෙම නැත්නම් ඉන්න ගෙවල් සීමාව. ඒ දැන ගන්න කෙනාට ඔයා ඉන්ටෙර්නෙට් අර ගෙන තියන ISP (Internet Service Provider ) ගෙන් අහන්න පුළුවන්ද කොහෙද මේ කෙනා ඉන්නේ කියල. ඒ වගේ සාමාන්‍ය කෙනෙක් ඇහුව්වොත් නම් දෙන්නේ නෑ. එත් උසාවියකින් තීන්දුවක් අරගෙන පුළුවන් පොලිසියට නම් ඒ ගැන හොයන්න මං දන්න විදියට. ඒවා ඉතින් අමතර කතා. අපි බලමු මේ IP එක ගැන.
    ඉන්ටෙර්නෙට් සම්බන්ධතාවක් අර ගන්න ගියාම දැකල ඇති ඒවායේ සදහන් වෙනවා static IP සහ Dynamic IP adderess කියල. මොනවද මේවායේ තේරුම. static IP කියන්නේ ඔයාලට හම්බ වෙනවා ස්ථිර IP address එකක්‌. ඒක වෙනස් වෙන්නේ නෑ. එත් dynamic IP address එකේදී ඔයාල අන්තර්ජාලයට් සම්බන්ධ වෙන හැම වෙලාවේම ඔයාලට අලුතින් IP address එකක් තමා ලැබෙන්නේ. සමහරවිට කලින් ලැබුන එකක්ම වෙන්නත් පුළුවන්. නැත්නම් අලුත්ම එකක් වෙන්නත් පුළුවන්. දිගටම ඉන්න වෙලාවක අතර උනත් මේ IP එක වෙනස් වෙන්න පුළුවන්.
    IP address දෙකක් භාවිතා වෙනව. LAN IP(Local Area Network) සහ WAN IP(Wide Area Network).
    LAN IP කියන්නේ ඔයාල network සම්බන්ධ වෙලා නම් ඔයාගේ machine එකට router එකෙන් ලැබෙන IP address එක.
    බලමු කොහොමද මේ LAN IP address එක හොයා ගන්නේ කියල. එකට Start >Run (or windows key + R) ගිහින් cmd (එහෙම නැත්නම් command ) කියල type කරලා enter කරන්න. ඊලගට් එන DOS වින්ඩොව් එකේ ipconfig කියල type කරන්න. ඔයාලට බලාගන්න පුළුවන් ඔයාගේ IP address එක.
    netstat -n කියල type කරලා enter කරන්න. දැනට සම්බන්ද වෙලා ඉන්න IP address පෙන්නාවි.
    WAN IP කියන්නේ ඉන්ටෙර්නෙට් එකට සම්බන්ධ වෙන විට භාවිතා වෙන IP address එක. මේක හොයා ගන්න මේ තියන site භාවිතා කරන්න.

    http://www.mywanip.com/
    http://www.whatismyip.com/

  • VPN යනු කුමක්ද ?



    image
    VPN කියන්නේ පුද්ගලික ආරක්ශිත Tunneling System 1කි. මෙවෙනි VPN එකක් තනන්නේ තමා ගෙදර සිට හෝ වෙනත් ස්ථානයක සිට තමාගේ රැකියා ස්ථානයට හෝ වෙනත් Network එකට Connect වීමටයි. මේ ක්‍රමයට Connect විය යුත්තේ අන්තර්ජාලය ඔස්සේය. මෙහිදී Client සහ Connect වෙන Network එක අතර Data සියල්ල Encrypted විදියට තමයි සියල්ල සිදු වන්නේ. Internet එකේ කවුරු හරි Packet Sniffer කරත් Data Decrypt කරන්න නම් ටිකක් අමාරුයි. පහත් රූපය බලන්න.

    image

    මේ නම් දැනගැනීම පිණිස
    හුගාක් අය මේ ක්‍රමය Use කර්න්නේ අන්තර්ජාලයේ හැන්ගිලා වැඩ කිරීමටය(හැමෝම නෙවෙයි). Internet එක හරහා VPN එකට Connect වී ඉන්පසුව කරන සියලුම වැඩ කරන්නේ මේ හරහාය. එ මොකද කිව්වොත් එ තුලින් කාටහරි දෙයක් කලොත් කෙලින්ම අහුවෙන්නේ VPN 1ක තමයි.. හුගාක් වෙලාවට මේVPN Free දෙනවා bt මේ කරන සියල්ල Record වෙනවා. හැබයි VPN Premium logins වලින් Log වෙන Data Record වෙන්නේ නෑ. එත් VPN සපයන ආයතන Incoming & Outgoing Logines තියාගෙන සිටින්න නීතියෙන් බැදී සිටිනවා.
    උදාහරණයක් විදියට කවුරු හරි VPN 1ක් මාර්ගයෙන් Site 1k Deface කලා කියමුකො. කෙලින්ම Track වෙන්නේ VPN 1කේ IP 1ක තමයි. මේ විදියට කලොත් අහුවෙන්නේ නෑ කියලත් හිතනවා. එත් VPN 1කට Connect වෙච්ච Sessions By Session බැලුවොත් මේ දේ කරපු කෙනාව පහසුවෙන් සොයා ගත හැක.

    ජනප්‍රිය VPN සේවා ලබා දෙන Sites.

    Cyber Ghost VPN - http://cyberghostvpn.com/
    Hotspot Shield - http://www.hotspotshield.com/
    Open VPN - http://openvpn.net/
    Tunnel Bear VPN - http://www.tunnelbear.com/
    Hamachi VPN - https://secure.logmein.com/products/hamachi/
    මේවායිනුත් Hotspot Shield ගැන නොදන්න කෙනෙක් නැති තරම්. විදේශ ගත්වී සිටින අය Hotspot Shield ගැන දන්නේ නැති තරම්ය.. ;) ඉහත සෑම Site එකකම free සේවාවන් ලබා දෙන අතර සමහර විට Free Login 1ක් Create කරගන්න ද වෙයි. බොහෝ විට ඔවුන්ගේ Software 1ක් Use කරන්න ද වෙයි. සමහර අය මේවා ආධාරයෙන් තමයි විවිද TV shows.. Bla bla..! බලන්නේ :P. eg : Hulu...etc

    උපුටා ගැනීම sevennet blog අඩවියෙන්

IDM version එකක් සදාකාලිකව ම activate කරගන්න .


IDM version එකක් සදාකාලිකව ම activate කරගන්න පුළුවන්.



හලෝ.... යාලුවනේ.... කොහොමද ඉතිං? මේ දවස් ටිකේ මම free නිසා, අපේ blog එකට post ටිකක් දාන්න හිතුනා....එහෙනම් වැඩේ පටන් ගමුකො...ඔන්න මම අද ඔයාලට දෙන්නේ  වැදගත් Soft එකක් ... නම දැක්කම දන්නවා ඇතිනේ !! ( ඔබට දැනගැනීමට අවශ්‍ය , fake serial error message එකෙන් වැළකෙන ආකාරය නම් , කරුණාකර මෙම පොස්ටුවේ යට ම බලන්න )

ඒ තමයි Internet Download Manager කියන Download Manager එක. දැනට මේකේ ගොඩක් version නිකුත් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් IDM එකෙන් සති 3 කට සැරයක් වගේ අලුත් build version එකක් නිකුත් කරනවා. ඉතිං , අපේ යාලුවන්ට IDM අලුත්ම version එක දෙන්න ඕන නිසා,  මම කල්පනා කරලා ඕනෑම IDM version එකකට හරි යන විදියේ patch file එකක් හොයාගත්තා. මේකෙන් ඔයාලට ඕනෑම IDM version එකක් සදාකාලිකව ම activate කරගන්න පුළුවන්.
මේක ගැන නොදන්නා අයටත් එක්කම, මම IDM එක ගැන පොඩි හැදින්වීමක් කරන්නම්... ඔයාලට ඕනකරන ඕන දෙයක් හිතේ හැටියට Download කරගන්න මේකෙන් පුළුවන්........ මම හිතන විදියට දැනට තියෙන වේගවත්ම download manager එක මේ Internet Download Manager එක කිව්වොත් නිවැරදියි. ඒ වගේම මම අද ඔයාලට IDM එකත් එක්ක IDM Optimizer එකත් දෙනවා. IDM Optimizer කිව්වේ, මේකෙන් පුළුවන් ඔයාලගේ IDM Speed එක තව තවත් වැඩි කරගන්න.
3GP / 7Z  / AAC / ACE / AIF / ARJ / ASF / AVI / BIN / BZ2 / EXE / GZ
GZIP / IMG / ISO / LZH / M4A / M4V / MKV / MOV / MP3 / MP4 / MPA
MPE / MPEG / MPG / MSI / MSU / OGG / OGV / PDF / PLJ / PPS / PPT
QT / R0* / R1* / RA / RAR / RM / RMVB / SEA / SIT / SITX / TAR
TIF / TIFF / WAV / WMA / WMV / ZIP
ඔන්න ඔය දාලා තියෙන Format ඔක්කොටම IDM එක Support කරනවා. ඒ කිව්වේ, ඔතන තියෙන ඕනෑම format එකකින් තියෙන ඕනෑම file එකක් download කරගන්න ඔයාලට පුළුවන්. දැන් ඔයාලට තේරෙනවනේ,මේක සුපිරි බාන්ඩයක් කියල..... හැබැයි පොඩි අව්ලක් තියෙනවා. ඒ තමයි, මේකේ තියෙන හොදකමටම මේක Free දෙන්නේ නෑ. අපි ඉතිං සල්ලි දීලා තමයි මේක ගන්න ඕන. හැබැයි, එකට තමයි ඔය Crack, patch කියන ඒවා තියෙන්නේ. ඉතිං මම අද ඔයාලට මේ IDM එක  patch එකත් එක්ක දෙනවා. 
හරි දැන් අපි බලමු, IDM එක install කරගන්නේ කොහොමද කියලා සහ IDM Optimizer එක දාගන්නේ කොහොමද කියලා...මෙහෙමයි....
01 ) මුලින්ම අපි Internet Download Manager එක Download කරගන්න , මේ පහල ලින්ක් එක ක්ලික් කරන්න.

 
02 ) දැන්, අපි download කරගත්ත IDM setup එක install කරගන්න ඕන. සාමන්‍යය setup එකක් install 
කරන ආකාරයටම ඕකත් install කරන්න. ඔන්න දැන් සමහර විට ඔයාලට කියාවි, මෙන්න මේ වගේ එකක් ඇවිල්ලා  IDM එක activate කරන්න කියලා....
ඕක close කරලා දාන්න. ඊට පස්සේ බලන්න taskbar එකේ IDM එක minimize වෙලා තියෙනවද කියලා. 
minimize වෙලා තියෙනවා නම් එක එතනින් exit කරන්න.
03 ) දැන් මෙතනින් Patch එක සහ IDM Optimizer එක Download කරගන්න. (  630 KB )
මෙතන ඔබන්න

දැන් ඔයාලා IDM එක install කරපු තැනට patch එක copy කරන්න. ඒ කිව්වේ C:\Program Files\Internet Download Manager කියන තැනට ඔය patch file එක copy කරන්න. ( IDM Optimizer එකට මොකුත් නොකර ඒක පොඩ්ඩක් ඔහොම තියාගන්න )
04 ) ඊළගට ඔය patch එක open කරලා, යට තියෙන patch කියන button එක ඔබන්න. එතකොට ඔයාලගෙන් අහවි, First Name එක. ඒකට ඔයාල කැමති නමක් type කරන්න. ඊළගට අහවි, Last Name එක. ඒකටත් ඔයාල කැමති නමක් type කරන්න.
05 ) ඔන්න දැන් ඔක්කොම ඉවරයි.....දැන් බලමු IDM Optimizer එක දාගන්නේ කොහොමද කියලා.  IDM Optimizer කියන එක open කරන්නකෝ. දැන් Maximize Now! කියන එක click කරන්න. මතක තියාගන්න , අපි මේ ඔක්කොම කලේ IDM එක exit කරලයි. Maximize Now! කියන එක click කළාම , IDM එක restart කරන්න කියලා පොඩි message එකක් ඒවි. ඒක OK කරන්න.
07) දැන් Internet Download Manager එක open කරලා බලන්න. සම්පුර්ණයෙන් ම 
activate වෙලයි තියෙන්නේ.... ඒ වගේම උපරිම speed එකත් දීලයි තියෙන්නේ.
විශ්ෂයෙන් ම කියන්න ඕන, IDM එක update කළා කියලා කිසිම අවුලක් නෑ......ඔයාලට ඕනෑම වෙලාවක IDM එක update කරන්න පුළුවන්. හදිස්සියෙන් වත් ආයෙත් activate කරන්න කියලා කිව්වොත්, අර කලින් patch එක දාල activate කරපු විදියටම activate කරන්න. කිසිම අවුලක් වෙන්නේ නෑ....

ඔන්න මම දැන් මේ කියන්න හදන්නේ ගොඩක් වැදගත් දෙයක්... ඒ තමයි , මේ දවස් වල තියෙන අලුත් ම IDM එක අපි activate කළාට , සමහර වෙලාවට fake serial කියලා error එකක් එනවා... මේ error එක විනාඩි 5න් 5ට වගේ එනවා... ඇත්තම කියනවා නම් එපා වෙනවා... හැබැයි IDM එක full activate කරලයි තියෙන්නේ... මේ ප්‍රශ්නේ දැනට ගොඩක් දෙනෙක් ට ඇතිවුන ප්‍රශ්නයක්. මේකට මගේ ළඟ 100%ක් සාර්ථක විසදුමක් තියෙනවා.... ඔයාලත් IDM activate කලාට පස්සේ, මේ විදියට fake serial කියලා error එකක් එනවා නම් මෙහෙම කරන්න.

  1. මුලින් ම RUN එක open කරගන්න. ( windows key + r )
  2. දැන් regedit කියලා type කරලා OK කරන්න.
  3. දැන් registry editor window එක open වේවි. දැන් ඔතන වම් අත පැත්තේ ඇති HKEY_CURRENT_USER කියලා එකක්. ඒක double click කරන්න.
  4. ඊළගට ඔතනම ඇති Software කියලා එකක්. ඒකත් double click කරන්න. ඊළගට ඇති DownloadManager කියලා එකක්. ඒකත් double click කරන්නකෝ...
  5. අන්තිම පියවර , දැන් දකුණු පැත්තේ පොඩ්ඩක් බලන්න මෙහෙම එකක් ඇති. CheckUpdtVM කියලා එකක්. ඒක double click කරලා open කරන්න. දැන් ඔයාලට පෙනේවි Value Data කියන තැන 10 කියලා තියෙනවා... අන්න ඒක 0 කරලා OK කරන්න. දැන් ඉතින් ඕවා ටික close කරලා දාන්න. ( ඔබට fake serial කියලා error message එකක් ආවා නම් පමණක් CheckUpdtVM file එක දැකගත හැකිය )(sevennet blog බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලදී)