IP , DNS , VPS යනු කුමක්ද ?? හා මේවා එකිනෙකින් වෙනස් වෙන්නෙ කොහමද ??
-
මම IP , DNS , VPS කියන ඒවා එකිනෙකින් වෙනස් වෙන්නේ කොහමද කියල Google එකේ හා Geek එකේත් බැලුවා.
ඒත් , මට ඕන කරන විස්තර හා මට තේරේන පැහැදිලි කිරිමක් තිබුනේ නැ.
ඒ නිසා , මෙන්න මේවා ගැන කියන්න පුලුවන් නම් ලොකු දෙයක්.
1. ) IP , DNS , VPS යනු කුමක්ද ??
2. ) IP , DNS , VPS එකිනෙකින් වෙනස් වෙන්නේ කොහමද ??
හා තවත් මේවා ගැන දැන ගත යුතු දෙවල් කියන්න. DNS යනු කුමක්ද ?

DNS එහම නැත්තම් Domain Name System කියෙන්නේ අයිපි ලිපිනයක් සම්පූර්න ඩොමේන් නාමයක් බවට පරිවර්තනය කරන දත්ත ගබඩා පද්දතියක්.
ජාලයක එකිනෙක සම්බන්ද වෙලා තියේන උප්කරන එකි නෙකා හදුනා ගන්නේ එහේම නැත්තම් අමතන්නේ එවාට වෙන් වෙච්ච අයිපි ලිපිනයන් මගින්.
නමුත් අයිපි ලිපිනයක් ටිකක් විතර මතක තියාගන්න අපහසු දෙයක්.උදාහරනයක් විදියට www.amazone.com ගත්තොත් එකේ අයිපි ලිපිනය වෙන්නේ (207.171.166.48)එක.ඉතින් අයිපි ලිපිනය ටිකක් මතක තියා ගන්න අපහසුයි ඩොමේන් එකට වඩා.DNS මගින් මේ අන්කිත අයිපි ලිපිනය මතක තියාගන්න පුලුවන් ඩොමේන් එකක් බවට අපිට පරිවර්තනය කරලා දෙනවා.
ඔනම පරිගනක ජාලයක් බාවිතා කරන සමාගමක මේ DNS ඉල්ලිම් වලට ප්‍රතිචාර දක්වන්න අඩුම ගනනේ එක නේම් සර්වෙර් පරිගනකයක් තියේනවා.මේ නේම් සර්වර් පරිගනකයේ තියෙනේව මේම් ලොකල් පරිගනක ජාලයේ උපාන්ග වල අයිපි ලිපින ලයිස්තුවක් තියේනවා.ඉට අමතරව මේ ලොකල් පරිගනක ජාලයේන් පිටත පරිගනක වල උදාහරනෙකට වෙබ් සර්වෙර් වලින් නිතර පිවිසෙන පරිගනක වල අයිපි ලිපින්යන් තමන්ගේ කෑශ් මතකයේ තියාගෙන ඉන්නවා.
ඔනම පරිගනක ජාලයක් ඔනම පරිගනකයකට තවත් ජාලයකට් හෝ පරිගනකයකට සම්බන්ද වෙන්න අවශ්‍ය වෙන්නේ එක නේම්සර්වෙර් එකකට කනෙක්ට් වෙන්න පමනයි.මේ එක පරිගනකයක් තවත් පරිගනකයකට සම්බන්ද වෙන්න ඔන උනාම ඒ ඉල්ලන අයිපි ලිපිනය අනුව ඒ ක්‍රියාවලිය 3න් විදියකට වෙන්න පුලුවන්..
1.ඔබ ඉල්ලන අයිපි ලිපිනය තියේන්නේ ඔබේ සමගමේ ජාලයේම නම් ඔබට කෙලින්ම ඔබේ සමාගමේ ලොකල් නේම්සර්වර් එකෙන්ම අවශ්‍ය තැනට ඔබව යොමු කරවනවා.මේ ක්‍රියාවට ඉතාමත් අඩු කාලයක් තමයි යන්නේ.
2.ඉලගට ඔබ ඉල්ලන අයිපි ලිපිනය ඔබේ ලොකල් නෙට්වර්ක් එකේ නෙමේ නම් (වෙබ් ලිපිනයක් වගේ) ,ඒත් මැත කාලයේ ඔබේ ජාලයෙන් කවුරු හරි අදාල අයිපි ලිපින්යට මේ නේම්සර්වර් එක හරහා ගිහින් තිබුනා නම් ඒ අයිපි ලිපිනය නේම්සර්වර් එකේ කෑශ් මතකයේ එක තියේන නිසා එතනින් අරන් ඔබට ඉක්මනඉන් අවශ්‍ය තැනට ඔබව යොමු කරනවා.මේ ක්රියාවලියටහ් ඉතාමත් අඩු කාලයක් තමයි යන්නේ.
3.අවසානේට ඔබ ඉල්ලන අයිපි ලිපිනය ඔබේ ලොකල් නෙට්වර්ක් එකත් නොවි,එකට මැත කාලයේ කවුරුවත් ගිහිල්ලත් නැතිව මේ නේම්සර්වර් එකෙන් (මෙ මැත කාලය කියන සන්කල්පය නේම්සර්වර් එකේ ශක්‍යතාවය අනුව රදාපවතිනවා ) එතකොට මේ ලොකල් නේම් සර්වර් එක තවත් නේම්සර්වර් එකකට හෝ කිහිපයකට සම්බන්ද වෙලා ඔබට අවශ්‍ය තැනට ඔබව යොමු කරන්වා.මෙතනදි ඔබේගේ සම්බන්දතාවය අනුව ගතවන කාලය වැඩි වෙනවා.
මේ DNS එක හරියට පරිගනකයක දුරකතන නාමාවලියක් වගේ එකකි.
ඔන්න ඔහොමයි එකේත් පැටිකිරිය.IP යනු කුමක්ද ?
This image has been resized to fit in the page. Click to enlarge.
IP කියන්නේ internet Protocol කියන එකයි. මේක හරියට ඔයාගේ ගෙදරට address එකක් තියෙනව වගේ ඉන්ටෙර්නෙට් use කරනකොට ඔයාගේ adress එක වෙන්නේ. මේක හැමෝටම පේන දෙයක්. හැමෝටම කිව්වේ ඔයා අන්තර්ජාලයෙන් කොතැනට හරි සම්බන්ධ වෙනවම් ඒ කෙනාට බලන්න පුළුවන් ඔය IP එක.
එහෙනම් ඒ කෙනාට පුළුවන්ද ඔයාගේ computer එකට සම්බන්ධ වෙන්න. පුළුවන් හොද දැනුමක් තියෙන කෙනෙක්ට ඒ ගැන. ඒක වලක්වන්න තමයි අපි router , firewall , AntiVirus භාවිතා කරන්නේ.
ඔයා ඉන්න තැන දැන ගන්නත් පුළුවන්ද. ඔව්, එත් හරියටම ඉන්න තැන නෙමෙයි. සමහරවිට ඉන්න නගරය. එහෙම නැත්නම් ඉන්න ගෙවල් සීමාව. ඒ දැන ගන්න කෙනාට ඔයා ඉන්ටෙර්නෙට් අර ගෙන තියන ISP (Internet Service Provider ) ගෙන් අහන්න පුළුවන්ද කොහෙද මේ කෙනා ඉන්නේ කියල. ඒ වගේ සාමාන්‍ය කෙනෙක් ඇහුව්වොත් නම් දෙන්නේ නෑ. එත් උසාවියකින් තීන්දුවක් අරගෙන පුළුවන් පොලිසියට නම් ඒ ගැන හොයන්න මං දන්න විදියට. ඒවා ඉතින් අමතර කතා. අපි බලමු මේ IP එක ගැන.
ඉන්ටෙර්නෙට් සම්බන්ධතාවක් අර ගන්න ගියාම දැකල ඇති ඒවායේ සදහන් වෙනවා static IP සහ Dynamic IP adderess කියල. මොනවද මේවායේ තේරුම. static IP කියන්නේ ඔයාලට හම්බ වෙනවා ස්ථිර IP address එකක්. ඒක වෙනස් වෙන්නේ නෑ. එත් dynamic IP address එකේදී ඔයාල අන්තර්ජාලයට් සම්බන්ධ වෙන හැම වෙලාවේම ඔයාලට අලුතින් IP address එකක් තමා ලැබෙන්නේ. සමහරවිට කලින් ලැබුන එකක්ම වෙන්නත් පුළුවන්. නැත්නම් අලුත්ම එකක් වෙන්නත් පුළුවන්. දිගටම ඉන්න වෙලාවක අතර උනත් මේ IP එක වෙනස් වෙන්න පුළුවන්.
IP address දෙකක් භාවිතා වෙනව. LAN IP(Local Area Network) සහ WAN IP(Wide Area Network).
LAN IP කියන්නේ ඔයාල network සම්බන්ධ වෙලා නම් ඔයාගේ machine එකට router එකෙන් ලැබෙන IP address එක.
බලමු කොහොමද මේ LAN IP address එක හොයා ගන්නේ කියල. එකට Start >Run (or windows key + R) ගිහින් cmd (එහෙම නැත්නම් command ) කියල type කරලා enter කරන්න. ඊලගට් එන DOS වින්ඩොව් එකේ ipconfig කියල type කරන්න. ඔයාලට බලාගන්න පුළුවන් ඔයාගේ IP address එක.
netstat -n කියල type කරලා enter කරන්න. දැනට සම්බන්ද වෙලා ඉන්න IP address පෙන්නාවි.
WAN IP කියන්නේ ඉන්ටෙර්නෙට් එකට සම්බන්ධ වෙන විට භාවිතා වෙන IP address එක. මේක හොයා ගන්න මේ තියන site භාවිතා කරන්න.
http://www.mywanip.com/
http://www.whatismyip.com/
-
VPN යනු කුමක්ද ?

VPN කියන්නේ පුද්ගලික ආරක්ශිත Tunneling System 1කි. මෙවෙනි VPN එකක් තනන්නේ තමා ගෙදර සිට හෝ වෙනත් ස්ථානයක සිට තමාගේ රැකියා ස්ථානයට හෝ වෙනත් Network එකට Connect වීමටයි. මේ ක්‍රමයට Connect විය යුත්තේ අන්තර්ජාලය ඔස්සේය. මෙහිදී Client සහ Connect වෙන Network එක අතර Data සියල්ල Encrypted විදියට තමයි සියල්ල සිදු වන්නේ. Internet එකේ කවුරු හරි Packet Sniffer කරත් Data Decrypt කරන්න නම් ටිකක් අමාරුයි. පහත් රූපය බලන්න.
මේ නම් දැනගැනීම පිණිස
හුගාක් අය මේ ක්‍රමය Use කර්න්නේ අන්තර්ජාලයේ හැන්ගිලා වැඩ කිරීමටය(හැමෝම නෙවෙයි). Internet එක හරහා VPN එකට Connect වී ඉන්පසුව කරන සියලුම වැඩ කරන්නේ මේ හරහාය. එ මොකද කිව්වොත් එ තුලින් කාටහරි දෙයක් කලොත් කෙලින්ම අහුවෙන්නේ VPN 1ක තමයි.. හුගාක් වෙලාවට මේVPN Free දෙනවා bt මේ කරන සියල්ල Record වෙනවා. හැබයි VPN Premium logins වලින් Log වෙන Data Record වෙන්නේ නෑ. එත් VPN සපයන ආයතන Incoming & Outgoing Logines තියාගෙන සිටින්න නීතියෙන් බැදී සිටිනවා.
උදාහරණයක් විදියට කවුරු හරි VPN 1ක් මාර්ගයෙන් Site 1k Deface කලා කියමුකො. කෙලින්ම Track වෙන්නේ VPN 1කේ IP 1ක තමයි. මේ විදියට කලොත් අහුවෙන්නේ නෑ කියලත් හිතනවා. එත් VPN 1කට Connect වෙච්ච Sessions By Session බැලුවොත් මේ දේ කරපු කෙනාව පහසුවෙන් සොයා ගත හැක.
ජනප්‍රිය VPN සේවා ලබා දෙන Sites.
Cyber Ghost VPN - http://cyberghostvpn.com/
Hotspot Shield - http://www.hotspotshield.com/
Open VPN - http://openvpn.net/
Tunnel Bear VPN - http://www.tunnelbear.com/
Hamachi VPN - https://secure.logmein.com/products/hamachi/
මේවායිනුත් Hotspot Shield ගැන නොදන්න කෙනෙක් නැති තරම්. විදේශ ගත්වී සිටින අය Hotspot Shield ගැන දන්නේ නැති තරම්ය.. ;) ඉහත සෑම Site එකකම free සේවාවන් ලබා දෙන අතර සමහර විට Free Login 1ක් Create කරගන්න ද වෙයි. බොහෝ විට ඔවුන්ගේ Software 1ක් Use කරන්න ද වෙයි. සමහර අය මේවා ආධාරයෙන් තමයි විවිද TV shows.. Bla bla..! බලන්නේ :P. eg : Hulu...etc
උපුටා ගැනීම sevennet blog අඩවියෙන්
great post.all the best friend.
ReplyDeleteඑල මචන්
ReplyDeleteඅනිත් අයට දැනුම දෙනව කියන්නෙ පිනක්. ගොඩක් පින්
ReplyDelete